සියලු බැඳීම් වලින් නිදහස් වූ උතුම් භික්‍ෂු ජීවිතයට ඇතුළත්වීමට ලැබීම මහත් වූ භාග්‍යයකි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සිල්වත්ය. “සහොහි දුස්සීලො නාම නත්ථි” දුශ්ශීල සංඝයා නැති බව දක්‍ෂිණ විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. යමෙක් දුශ්ශීල නම් ඔහු සංඝරත්නයට අයත් නැත.

නමෝ බුද්ධාය


ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරන්න.


2. ගාථාව:
සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං
තේරුම:
සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන ගාථාව - BTmode

අතිපූජ්‍ය රේරැකානේ චන්දිවිමල මහ නාහිමියන්



පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාදයාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරුකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන. සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. නායක හාමුදුරුවන්ගෙ පියා දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසිංහගේ පොඩිනෝනා. අධ්‍යාපනය ලැබුවෙ වීදියගොඩ පාසැලෙන් ය. වැඩි විස්තර...

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය1 2 3 4


අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි




ධර්මදේශනා
පෙර භවය පිළිබඳ ප්‍රකාශ


අතිපූජ්‍ය සිරිදේවමිත්ත ධර්මපාල ස්වාමීන්වහන්සේ


Anagarika dharmapala thuma

සංඝ රත්නය

සංඝ යනු සමුහය යන අර්ථය කියැවෙන වචනයෙකි. දේවසංඝ - බ්‍රහ්මසංඝ - ක්ෂත්‍රියසංඝ - තිර්ථක සංඝ යනාදින් බොහෝ සමූහයෝ ලෙව්හි ඇත්තාහ. අනේක සමහූහයන් අතුරෙන් සංඝරත්න යන නාමයව්‍යවහාර කරනුයේ සංඝගුණපාඨයේ “භගවතා සාවකසංඝො” යනුවෙන් කියැවෙන භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සමුහයාටය. ශ්‍රාවක යන වචනයේ තේරුම අසන තැනැත්තාය යනුය. ලෝකයෙහි ඇසිය හැකි දෑ බොහෝ ය. කිනම් දෙයක් හෝ ඇසීමෙන් පුද්ගලයෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත සුත්ත - ගෙය්‍ය - වෙය්‍යාකරණ - ගාථා - උදාන - ඉති - වුත්තක - ජාතක - අබ්භුතධම්ම - වේදල්ල යන මොවුන්ගේ වශයෙන් නව ප්‍රභේද වූ පර්‍ය්‍යාප්ත ධර්මය අසන්නා ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වේ. අසන තැනැත්තා “ශ්‍රාවකය” යි කියන නමුත් අසන සැම දෙනාම ශ්‍රාවකයෝ නො වෙති. තේරුමක් තැතිව අසන තිරශ්චීනාදීහු ද, තථාගත ධර්මය නො පිළිගන්නා මිත්‍යාදෘෂ්ටිකයෝ ද, සමහර විට ධර්මය අසති. එයින් ඔවුහු බුද්ධශ්‍රාවකයෝ නො වෙති. ඒ ධර්මය අසා ගෞරවයෙන් පිළිගෙන එය අනුව පිළිපැදිමට උත්සහ කරන සත්පුරුෂයෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙති.
ඇසිය යුතු දෙය යන අර්ථයෙන් පර්‍ය්‍යාප්ති ධර්මය සුත නම් වේ. බොහෝ ධර්මයන් අසා ඇත්තේ බහුශ්‍රැත නම් වේ. මඳක් අසා ඇත්තේ අල්පශ්‍රැති නම් වේ. බහුශ්‍රැත වුවද ධර්මානුධර්මප්‍රතිපත්තිය නැත්තේ බුද්ධශ්‍රාවක නො වේ. එක දහම් පදයකුදු අසා පිළිපදින්නෙ බුද්ධශ්‍රාවක වේ. ධර්මානුකුල ප්‍රතිපත්තියක් නැති අල්පශ්‍රැතයා ය, ධර්මානුකුල ප්‍රතිපත්තියක් ඇති අල්පශ්‍රැතයා ය යි අල්පශ්‍රැතයෝ දෙදෙනෙක් වෙති. බහුශ්‍රැතයෝ ද එසේ ම දෙදෙනෙක් වෙති.
“අප්පස්සුතො පි චෙ හොති - සීලෙසු අසමාහිතො,
උභයෙන නං ගරහන්ති - සීලතො ච සුතෙන ච”
“ඉදින් අල්පශ්‍රැත ද වේ නම්, ශීලයෙනුත් යුක්ත නො වේ නම්, ශීලයෙන් ද ශ්‍රැතයෙන් ද යන දෙකින් ම ඔහුට ගර්භා කෙරෙත්ය” යනු තේරුමය. ඒ පුද්ගලයා බුද්ධශ්‍රාවක නො වේ.
“අප්පස්සුතො පි චෙ හොති - සීලෙසු සුසමාහිතො,
සිලතො නං පසංසන්ති - තස්ස සම්පජ්ජතෙ සුතං”
“ඉදින් අල්පශ්‍රැත වුව ද ශිලයෙන් යුක්ත වේ නම් ඔහුට ශිලය නිසා ප්‍රශංසා කෙරෙත්. ඔහුගේ ශ්‍රැතය සමෘද්ධ වේය” යනු එහි තේරුමය. මඳ වූ ද ශ්‍රැතය සමෘද්ධ වන බැවින් ඔහු බුද්ධශ්‍රාවකයෙක් වේ.
“බහුස්සුතො පි චෙ හොති - සීලෙසු අසමාහිතො,
සිලතො නං ගරහන්ති - නාස්ස සම්පජ්ජතෙ සුතං”
“ඉදින් බහුශ්‍රැත වූයේ ද සිල් නැත්තේ නම් එහුට ශීලය නැති නිසා ගර්භා කෙරෙත්. ඔහුගේ ශ්‍රැතය සමෘද්ධ නොවේය” යනු එහි තේරුමය. ශ්‍රැතය සමෘද්ධ නොවන බැවින් බහුශ්‍රැත වූ ද ඒ පුද්ගලයා බුද්ධශ්‍රාවක සංඛ්‍යාවට නො ගැනේ.
“බහුස්සුතො පි ච හොති - සීලෙසු සුසමාභිතො,
උභයෙන නං පසංසනිති - සීලතො ච සුතෙන ච”
ඉදින් බහුශ්‍රැත ද වේ නම්, ශිලයෙන් ද යුක්ත වේ නම් ඔහුට ශිලය ශ්‍රැතය යන දෙකින්ම පසසත්ය” යනු එහි තේරුමය. එබඳු පුද්ගලයා විශේෂයෙන් පැසසිය යුතු බුද්ධශ්‍රාවකයෙක් වේ.
බුදුරදුන්ගේ ධර්මය අසා එය ගෞරවයෙන් පීළිගෙන එය අනුව පිළිපදින පිළිපැදිමට උත්සහ කරන බුද්ධශ්‍රාවකයෝ මනුෂ්‍ය - දේව - බ්‍රහ්ම වශයෙන් තුන් කොටසක් වෙති. ගෘහස්ත - ප්‍රව්‍රජිත වශයෙන් දෙකොටසක් වෙති. පෘතග්ජන - ආර්‍ය්‍ය වශයෙන් දෙකොටසක් වෙති. උපසම්පන්න - අනුපසම්පන්න වශයෙන් දෙකොටසක් වෙති. සංඝගුණ පාඨයෙහි “යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො” යනුවෙන් “යුග්ම වශයෙන් සතරක් වන, පුද්ගලයන් වශයෙන් අට දෙනෙකුන් වන මේ පිරිස, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාය’යි වදාරා තිබේ. විශුද්ධිමාර්ගයෙහි අෂ්ටපුරිස පුද්ගලයන් දක්වා තිබෙන්නේ “පුරිසපුග්ගලවසෙන එකො පඨමමග්ගට්ඨො එකො ඵලට්ඨොති ඉමිනා නයෙන අට්ඨෙව පුරිසපුග්ගලා හොන්ති” යනුවෙන් ප්‍රථම මාර්ගස්ථ පුද්ගලයාය, ප්‍රථම ඵලස්ථ පුද්ගලයාය, ද්විතීය මාර්ගස්ථ පුද්ගලයාය, ද්විතීය ඵලස්ථ පුද්ගලයාය, තෘතිය මාර්ගස්ථ පුද්ගලයාය, තෘතිය ඵලස්ථ පුද්ගලයාය, චතුර්මාර්ගස්ථ පුද්ගලයාය, චතුර්ථ ඵලස්ත පුද්ගලයා කියා ය. කල්‍යාණ පෘථග්ජන භික්ෂුව එහි සඳහන් කර නැත. තථාගතයන් වහන්සේ විසින් දේශිත සූත්‍රධර්මයන්හි සංඝරත්නයට අයත් පුද්ගල විභාගය වදාරා ඇත්තේ අන් ක්‍රමයකට ය. මෙහි එක් සුත්‍ර දේශනාවක් දක්වනු ලැබේ.
අට්ඨීමෙ පුද්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ අට්ඨ? සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමි, සකදාගාමි ඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, අනාගාමි, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තාය පටිපන්නො, ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨපුග්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා ති.
චත්තාරො ච පටිපන්නා
චත්තාරො ච ඵලෙ ඨිතා
එස සංඝො උජුභුතො
පඤ්ඤා සීල සමාහිතො,
යජමානානං මනුස්සානං
පුඤ්ඤපෙක්ඛාන පාණිනං
කාරොතං ඔපධිකං පුඤ්ඤං 
සංඝෙ දින්නං මහප්ඵලං.
(අංගුත්තර අට්ඨකනිපාත)
මේ සුත්‍රයේ හැටියට සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාද, සකෘදාගාමි පුද්ගලයාද, සකෘදාගාමිඵලයට පැමිණිම සඳහා පිළිවෙත් පුරන පුද්ගලයාය, අනාගාමි පුද්ගලයාය, අනාගාමි ඵලයට පැමිණිම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය, අර්හත් පුද්ගලයාය, අර්හත් ඵලයට පැමිණිම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය යන මේ පුද්ගලයන් අටදෙන සංඝරත්නයට අයත් පුද්ගලයන් අට දෙනාය. මේ පුද්ගලයන් අට දෙනා දක්ෂිණාවිහංග සුත්‍රයෙහි ද වදාරා ඇත්තේය. එහි අටුවාවෙහි “හෙට්ඨිම කොටියා තිසරණගතො උපාසකො පි සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො නාම හොති” යනාදින් තිසරණගත උපසකයාගේ පටන් සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා දක්වා ඇති ඒ ඒ තරාතිරම්වල පුද්ගලයන් සැමදෙන ම සෝවාන් මාර්ගය පිණිස පිළිවෙත් පුරන පුද්ගලයන් බව දන්වා තිබේ. එය අනුව අෂ්ට පුරුෂ පුද්ගලයන්ට සෝවාන් මාර්ගය පිළිපදින කල්‍යාණපෘථග්ජන භික්ෂුන් ද අයත් බව කිව යුතුය. අෂ්ටපුරුෂ පුද්ගලයන් අතර උපසම්පන්නයෝ ද, අනුසම්පන්නයෝ ද, වෙති. බුදුරදුන් ජිවමාන කාලයේ හා එයට සමීප කාලයේ ද මඟපල ලබා ආර්‍ය්‍යශ්‍රාවකත්වයට පැමිණ සිටි ගිහියෝ බොහෝ වූහ. මිනිස්ලොව කෙසේ වුව ද දිව්‍යලෝක බ්‍රහ්මලෝවල මඟපල ලබා ඇති බොහෝ බොහෝ දෙව බ්‍රහ්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ දැනුදු අත්තාහ. ඔවුහු ආර්‍ය්‍යශ්‍රාවකයින් වුව ද තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පුර්ණයෙන් පිළිගත්තාහු නො වෙති. එබැවින් මඟපල ලබා ඇත්තාවූ ද ඔවුහූ සංඝරත්නයට අයත් නො වෙති. තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පුර්ණයෙන් පිළිගන්නෝ උපසම්පන්න භික්ෂුහු ය. එබැව්න් ආර්‍ය්‍ය වූ ද, පෘථග්ජන වූ ද, උපසම්පන්නයෝ ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අයත් වෙති. අධිශීල - අධිචිත්ත - අධිප්‍රඥා යි ත්‍රික්ෂාවක් ඇත්තේය. ගිහි පැවිදි කාහටත් ඇත්තේ එක ම අධිචිත්ත ශික්ෂාවෙකි. එකම අධිප්‍රඥා ශීක්ෂාවකි. ඒ ශීක්ෂා දෙකින් උපසම්පන්න අනුපසම්පන්නයන්ගේ වෙනසක් නැත්තේය. අධිශීල ශික්ෂාවෙන් උපසම්පන්න අනුපසම්පන්නයන්ගේ විශාල වෙනසක් ඇත්තේය. සෝවාන් වූ ද ගිහියාගේ නිත්‍යශීලය පඤ්චශීලය ය. උපසම්පන්න භික්ෂුවගේ ශීලය ඉතා විශාල ශීලයෙකි.
“නවකොටිසහස්සානි - අසීතිං සතකොටියො,
පඤ්ඤාසං සතසහස්සානි - ඡත්තිංසා ච පුනාපරෙ.
එතෙ සංවරවිනයා - සම්බුද්ධෙන පකාසිතා,
පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා - සික්ඛා විනයසංවරෙ”
(විසුද්ධිමග්ග)
යනුවෙන් දැක්වෙන “නවදහස් එකසිය අසූකොටි පන්ලක්ෂ සතිස් දහස් ශික්ෂා ඇති මහා ශිලය උපසම්පන්න භික්ෂුන්ගේ ශිලය ය. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ සියලූ ම භික්ෂුන්ට ඇත්තේ ප්‍රතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත එක ම ශීලයෙකි. එකම දෘෂ්ටියකි. “දිටිඨිසිල සාමඤ්ඤෙන සංඝටිතොති සංඝො” යන වචනාර්ථය පරිදි ඒ භික්ෂු පිරිස ශරීරවලින් ඔවුනොවුන් කොතෙක් දුරිනු සිටිය ද, ශීල - දෘෂ්ටි දෙකින් ඔවුනොවුන් ගැටී අති බැවින් සම්බන්ධ වී ඇති බැවින් සංඝ නම් වේ. සර්වඥයන් වහන්සේගේ ආඥාව පරිදි පැවිද්ද ලබා බුද්ධ පුත්‍ර භාවයට පැමිණ සිටින සාමණේරයෝ විනයකර්මවලට සුදුසු වන පරිදි සංඝරත්නයට අයත් නො වතුදු දක්ෂිණාර්භ භාවයෙන් සංඝරත්නයට අයත් වෙති. එබැවින් ඔවුන්ට ද සඟසතු විහාරාරාම පරිභෝග කිරිමේ අයිතිය ඇත්තේය. ඔවුන් සංඝලාභ බෙදීමේදී කොටස ලැබිමට සුදුස්සෝද වෙති. සංඝයාට ලැබි ඇති සිවුරු බෙදීමේදි සාමණේරයන් ගැන පිළිපැදිය යුතු ආකාරය තථාගතයන් වහන්සේගෙන් විචාළ කල්හි “අනුජානාමි භික්ඛවෙ, සාමණෙරානං උපඞ්ඪ පටිවිංසං දාතුං” යනුවෙන් භික්ෂුන්ට ලැබෙන කොටසින් භාගයන් සාමණේරයන් ට දිමට තථාගතයන් වහන්සේ අනුදැන වදාළහ. වතින් සම්පුර්ණ සාමණේරයනට සම්පුර්ණ කොටස ම දියයුතු බව විනය අටුවාවෙහි කියා තිබේ. ශ්‍රමණ දුශ්ශීලයා ද, ශ්‍රමණ වේෂය දරමින් භික්ෂුවකැයි ප්‍රතිඥා කරමින් සිටිනාතාක් භික්ෂුවක් ලෙස සැලකිය යුතු බව ද “සංඝ සමය සමනුපවිට්ඨතොපි දක්ඛිණං විසොධෙති” යනුවෙන් ශ්‍රමණ දුශ්ශීලයා ද සංඝසමයට අයත් වන බව ද මිළින්දපඤ්හයෙහි කියා තිබේ. මෙසේ බලන කල්හි බුදු සස්නෙහි පැවිද්ද ලබා ඇති හැම දෙනා ම සංඝරත්නයට අයත් වන බව කිය යුතුය. සරණ සමාදානයෙහිදී හා වස්තුන් සඟසතු කිරිමේදි සංඝයා ලෙස සැලකෙන්නේ ඒ අපරිච්ඡින්නක පුද්ගල සමූහය ය. විනයකර්ම වලදී එක් තැනකට රුස් වූ උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා ලෙස සලකණු ලැබේ. චතුර්වර්ග සංඝයා ය, පඤ්චවර්ග සංඝයා ය, දශවර්ග සංඝයා ය, විංශතිවර්ග සංඝයා ය, අතිරේක විංශතිවර්ග සංඝයා යයි විනය ක්‍රමයෙන් සංඝයා පස් කොටසක් වශයෙන් කියනු ලැබේ.
“චතුවග්ගො පඤ්චවග්ගො - දසවීසති වග්ගිකො,
අතිරෙකවීසති වග්ගො - පඤ්ච සංඝා විභාවිතා 
(ඛුද්දසික්ඛා)
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘සූවිසි මහ ගුණය’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.


free counters

දහම් රස වින්දෝ